Friday, October 18, 2024

General line - 0115112241

මාර්ටින්ගේ වේගවත් පිතිහරඹයත් සමඟ ශ‍්‍රී ලංකාව අඩපණ වෙයි




අයි සී සී ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති දෙවන පෙර පුහුණු තරගයෙන් ද ශ‍්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වුණා. 

ඒ, නවසීලන්ත කණ්ඩායම හමුවේයි. තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලූ 08කට ලකුණු 356ක් රැස් කළා. 

උපුල් තරංග ලකුණු 110ක් රැස් කළ අතර කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් ද අර්ධ ශතක රැස් කිරීමට සමත් වුණා.
 
නවසීලන්ත කණ්ඩායම සිය ඉලක්කය පසුකර ගියේ 47 වන පන්දුවාරයේදීයි. 

දක්ෂ පිතිහරඹයක නිරත වූ මාර්ටින් ගප්ටිල් ලකුණු 116ක් සහ කේන් විලියම්සන් ලකුණු 88ක් රැස් කළා. 

කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගිය කොරේ ඇන්ඩර්සන් ලකුණු 50යි. 

අයි සී සී ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලිය හෙට ආරම්භ වනවා. 

පළමු තරගය පැවැත්වෙන්නේ සත්කාරක එංගලන්තය හා බංග්ලාදේශය අතරයි.

ශ‍්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය ලබන 03 වනදා දකුණු අප‍්‍රිකාව සමඟ පැවැත්වෙනවා.