Thursday, September 19, 2024

General line - 0115112241

ඉන්ද්‍රකාන්තිගේ බොරුවෙන් සෞදිය ලංකාවට අනතුරු අඟවයි




සෞදි අරාබියේ තමා සේවය කරන නිවසේ හාම්පුතා විසින් තමාව එහි බලහත්කාරයෙන් රදවා ගෙන වකුගඩුවක් ඉල්ලා සිටින බව ප්‍රකාශ කළ ගෘහ සේවිකාව අද (31) දින උදෑසන යළිත් ශ්‍රී ලංකාවට පැමිණියා.

ඇය දඹුල්ල ,කණ්ඩලම පාරේ ,2 කණුව, අංක 28 ලිපිනයෙහි පදිංචි ඩබ්ලිව් .ඩබ්ලිව් .ඉන්ද්‍රකාන්ති නැමති කාන්තාවක්.

ඇය සෞදි අරාබියේ සිය හාම්පුතාගේ නිවසින් මුදවා ගෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය සුරක්ෂා රැදවුම් මධ්‍යස්ථානයෙහි රඳවා තබා සිටි අතර ඇය අද දින උදෑසන 10.00 කුවේට් ගුවන් සේවයේ කේ.යූ. - 776 දරන යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

මෙම සිදුවීම පිළිබඳව පැමිණිලි ලැබීමෙන් පසු සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ඇය සේවය කළ නිවස පිහිටි ප්‍රදේශට කිලෝ මීටර් 475 ක් දුර ගෙවා ගොස් දාරීහා පොලිසියේ සහය ඇතිව මේ පිළිබඳව සොයා බැලූ අතර එහිදී අනාවරණය වූයේ මෙම කාන්තාවට ශ්‍රී ලංකාවට පැමිණීමට ඇති අවශ්‍යතාව මත මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.

මේ අතර සෞදි අරාබි පොලිස් නිලධාරීන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයීය නිලධාරීන්ට දන්වා ඇත්තේ සෞදි රජයට හෝ සෞදි ජනතාවට එරෙහිව මින් ඉදිරියට අසත්‍ය තොරතුරු පතුරුවා හැරියහොත් එය අපරාධ වරදක් සේ සලකා වසර 5 සිට වසර 20 දක්වා සිර දඩුවම් ලබා දෙන බවත්, සෞදි රියාල් මිලියනයක දඩ මුදලක් ගෙවීමට යටත් කරන බවයි.