Thursday, September 19, 2024

General line - 0115112241

ආපදාවන්ට ලක්වන ප‍්‍රදේශවල නැවත පදිංචියට අවසර දීමට පෙර දෙවරක් සිතා බැලිය යුතුයි




නැවත නැවත ආපදාවන්ට ලක්වන ප‍්‍රදේශවල වැසියන්ට එම ප‍්‍රදේශවල නැවත පදිංචි වීමට අවසර ලබා දෙන්නේදැයි දෙවරක් සිතා බැලිය යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා ඒ බව පවසුවේ ගාල්ල ප‍්‍රදේශයේ අද (01) පැවති සාක්ච්ඡාවකදීයි. 

පහුගිය අවුරුදු 20ක් 25ක් තිස්සේ සෑම රජයක් යටතේම මේ ප්‍රශ්නය විසඳන්න උත්සාහ ගත්ත. රත්නපුරයට මැති ඇමතිවරු ගියාම ඒ අයව හූ කියල එලව ගත්ත. මේක මනාප ප්‍රශ්නයක්. මේ ප්‍රදේශවල කාගේත් වගකීම, ජනතාවට සත්‍ය අවබෝධ කරල දීල රජය නිර්දේශ කරන යෝජනා කරන්න ඉඩ දෙන එක කාගේත් වගකීමක් සහ යුතුකමක්. යැයි ජනාධිපතිවරයා පැවසුවා.