Friday, September 20, 2024

General line - 0115112241

චීන ශ්‍රී ලංකා ආරක්ෂක සබඳතා ශක්තිමක් කරන හමුවක්




චීන නාවික හමුදාවට අයත් අංක 150, කාර්ය සාධක යුද නෞකාවේ ශ‍්‍රී ලංකා සංචාරය දෙරට අතර ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන පවසනවා.

එම නෞකාවේ කාර්ය අණදෙන නිලධාරී හා නැගෙනහිර කලාපීය නියෝජ්‍ය අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ෂෙන් හා ඕ අද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමු වුණා. එම අවස්ථාවේදීයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මෙම 150 කාර්ය සාධක යුද නෞකාව රටවල් 22ක් වෙත සංචාරය කිරීමට නියමිත අතර ඒ අතරතුර ඊයේ පස්වරුවේ කොළඹ වරායට පැමිණියා.