Friday, September 20, 2024

General line - 0115112241

හෙට දිනයේත් මිලි මීටර් 75ක පමණ වැසි




ඇතැම් ප‍්‍රදේශවලට හෙට දිනයේත් මිලි මීටර් 75ක පමණ වැසි ලැබෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


මේ අතර දිස්ත‍්‍රික්ක 07ක් සඳහා නිකුත් කර තිබූ නාය යාමේ සහ කණ්ඩි කඩා වැටීමේ අනතුරු ඇගවීම නැවත දීර්ඝ කර තිබෙනවා. ඒ රත්නපුර, කෑගල්ල, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත‍්‍රික්ක සඳහායි. වර්ෂාව තවදුරටත් පැවතියහොත් එම දිස්ත‍්‍රික්කවල නාය යාම් හෝ කණ්ඩි කඩා වැටීම් සිදුවිය හැකි බව අදාළ අනතුරු ඇගවීමේ වැඩිදුරටත් දැක්වෙනවා.