Friday, September 20, 2024

General line - 0115112241

බස්නාහිරට, දකුණට, සබරගමුවට සහ වයඹට අද වැසි වැඩිවෙයි




කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හෝ වෙනත් බලධාරී ආයතන නිකුත් කරන අනතුරු ඇගවීමේ නිවේදනවලට මහජනතාව අවනත වන්නේ නම් ආපදා හානි තවදුරටත් අවම කර ගත හැකි බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රිය දර්ශන යාපා පවසනවා. 

අතීත වාර්තා සලකා බැලීමේදීද ඒ බව තහවුරු වන බවයි ඔහු පෙන්වා දුන්නේ. 

මේ අතර අදත් ප‍්‍රදේශ බොහෝමයකට වැසි ලැබිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනය පිළිබඳ තමන් ඉතා විමසිල්ලෙන් කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. 

සෑම පැය 3කට වරක්ම ප‍්‍රාදේශීයව වාර්තා ලබා ගෙන ඒ අනූව මහජනතාව ඉවත් කිරීම හෝ වෙනත් සුදුසු ක‍්‍රියාමාර්ග ගන්නා බවයි ඔවුන් වැඩි දුරටත් පැවසුවේ. 

මහ වැසි සමග පිටාර ගැලූ කැළණි සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම් මේ වනවිට සාමාන්‍ය මට්ටමට පැමිණ ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ කියා සිටියා.  

කළු සහ ගිං යන ගංගා ඇතැම් ප‍්‍රදේශවලදී පමණක් සුළු ගං වතුර මට්ටමේ පැවතියත් එම ගංගාවල ද ජල මට්ටම දැන් ක‍්‍රමයෙන් අඩු වෙමින් ඇති බවයි වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරුණේ.