Friday, September 20, 2024

General line - 0115112241

වාර්ගික ගැටුම්වලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන්න - නීතීඥ සංගමය පොලිස්පතිට කියයි




වාර්ගික හෝ ආගමික ගැටුම් වලක්වාලීමට නීතිය සුදුසු පරිදි ක‍්‍රියාත්මක කරන්නැයි ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. 

වාර්ගික හෝ ආගමික ගැටුම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හෝ ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා තැනැත්තන් අධිකරණයන්ට ඉදිරිපත් කර නීතිය ක‍්‍රියාත්මක කිරීම කඩිනමින් සිදු කරන ලෙස නීතිපතිවරයාගෙන් ද ඉල්ලා සිටින බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

මෙවැනි ගැටුම් වළක්වාලීමට ඇති නීති විධි විදාන පිලිබඳව ද මහජනතාව දැනුවත් කිරීමට ද ඉදිරියේදී කටයුතු කිරීමට ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය තීරණය කර තිබෙනවා. 

මේ අතර මුස්ලීම් දේවස්ථානවලට සහ මුස්ලීම් ප‍්‍රජාවට අයත් ව්‍යාපාරික ස්ථානවලට මෑතදී කෙරුණු පහරදීම් සම්බන්ධයෙන් වරදකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමට කඩිනම් ක‍්‍රියාමාර්ගයක් ගත යුතු බවයි යුරෝපා සංගමය ද පවසන්නේ. 

මෙවැනි කළහකාරී ක‍්‍රියාවන්ගෙන් සිදු වන්නේ ජාතික සංහිදියාව නැවත බිඳ වැටීම බව ද නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙනවා.

යුරෝපා සංගමයේ නියෝජිතයින් සහ ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව, නෙදර්ලන්තය, නෝර්වේ දකුණු අප‍්‍රිකාව සහ ස්විට්සර්ලන්තය යන රටවල රාජ්‍ය තාන්ත‍්‍රික නිලධාරීන් ඊයේ දවටගහ මුස්ලීම් දේවස්ථානයට ගොස් මුස්ලීම් ප‍්‍රජාව මුන ගැසුණා. 

මුස්ලීම් ප‍්‍රජාවට සිය සහයෝගය පල කරන බවයි ඔවුන් එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ.