Friday, September 20, 2024

General line - 0115112241

ආපදාවලින් පසු පැමිණිය හැකි රෝග වලින් ආරක්ෂා වෙන්නේ මෙහෙමයි (PHOTOS)




ආපදා තත්ත්වය ක‍්‍රමයෙන් පහව යමින් තිබුණත් පශ්චාත් ආපදා සමයේ දී ඇතැම් රෝග සීග‍්‍රයෙන් ව්‍යප්ත වීමේ අවදානමක් තිබෙන බව  සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. 

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම කියා සිටියේ එම අවදානම හදුනාගෙන ඇති විය හැකි රෝග වළක්වා ගැනීමට මහජනතාව කටයුතු කළ යුතු බවයි. 

දියවැඩියාව හෝ අධික රුධිර පීඩනය වැනි දිගු කාලීන රෝගවලින් පීඩා විදින්නන්ගේ ඖෂධ ආපදා නිසා හානි වී තිබිය හැකි බව ද මෙහිදී සිහිපත් කෙරුණා. 

එවැනි තැනැත්තන් හැකි ඉක්මනින් සායන වෙත ගොස් අදාල ඖෂධ නැවත ලබා ගත යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ. 

ඩෙංගු ව්‍යප්තිය වලක්වා ගැනීමට ද  මෙම වකවානුවේදී වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මෙහිදී අවධාරණය කෙරුණා. 

විපතට පත්වූවන්ගේ මානසික සෞඛය පිළිබඳව ද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මෙම කරුණු දැක්වීමේ දී කියා සිටියේ.