Friday, September 20, 2024

General line - 0115112241

කොල්ල කණ්ඩායම් දෙකක් කොටු කර ගැනේ




වාහන කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තුන් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔවුන් තුන් දෙනාම 18 වැනි වියේ පසුවන්නන්. මෙම කණ්ඩායම වාහන කුලී පදනම මත ලබා ගෙන පාලූ ප‍්‍රදේශවලය රැගෙන ගොස් රියදුරන්ට තර්ජනයකර කොල්ලකෑම සිදු කර ඇති බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ. 

මුදල් සහ දේපළ ද ඔවුන් විසින් කොල්ලකා තිබෙනවා. 

කොල්ලකෑම් සම්බන්ධයෙන් චෝදනා ලැබූ දෙදෙනෙකුගේ කණ්ඩායමක් ද ඊයේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ. 

ඒ මුලන්කාවේල් - නාච්චිකුඩා ප‍්‍රදේශයේදීයි. කොල්ලකන ලද මුදල් සහ දේපළ තොගයක් ද ඔවුන් ළඟ  තිබී සොයා ගැණුනා.