Friday, September 20, 2024

General line - 0115112241

පුද්ගලයින් හැට අට දහසකට වැඩි පිරිසක් තවමත් තාවකාලික කඳවුරුවල 




ආපදා නිසා විපතට පත්වූ පවුල් දහ අට දහස් එකසිය හයක පුද්ගලයින් හැට අට දහස් හත්සිය තිස් හතර දෙනෙකු තවදුරටත් තාවකාලික කඳවුරුවල රැඳී සිටිනවා. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් රට පුරා පවත්වාගෙන යන තාවකාලික කඳවුරු ගණන 365ක්. 

වැඩිම පිරිසක් අවතැන්වී සිටින්නේ රත්නපුර දිස්ත‍්‍රික්කයේයි. එම සංඛ්‍යාව තිස් නව දහස් නවසිය තිස් දෙකක්.
 
ආපදා නිසා සිදු වූ මරණ සංඛ්‍යාව මේ වනවිට 206ක් දක්වා වැඩිවී තිබෙනවා. 

පුද්ගලයින් 92  කු තවමත් අතුරුදන්වී සිටින බවයි ආපදාප කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටියේ.