Tuesday, December 24, 2024

General line - 0115112241

අනුර සේනානායකට  වසරකට පසු ඇප ලැබෙයි 




හිටපු රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වසරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අද ඇප මත මුදා හැරුණා. 

ඒ කොළඹ මහාධිකරණයේ නියෝගයක් අනූවයි. රුපියල් ලක්ෂ 10ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 03ක් ඔහු වෙනුවෙන් මෙහිදී නියම කෙරුණු බව නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවා. 

මීට අමතරව හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට විදේශ ගමන් ද තහනම් කරන බවයි අධිකරණ නියෝගයේ දැක්වෙන්නේ. 

සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරන ලෙස ද ඔහුට අවවාද කෙරුණා. 

ඊට අමතරව සතියකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවට ද කොන්දේසියක් ඇප නියෝගයේ සඳහන්. 

හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත්අඩංගුවට ගැණුනේ ඉකුත් වසරේ මැයි 23 වැනිදායි.