Thursday, September 19, 2024

General line - 0115112241

මා ඔයට රසායන ද්‍රව්‍යක් එකතු වෙයි




මා ඔයේ අතුරු ගංගාවක් වන කුඩා ඔයට රසායන ද්‍රව්‍යක් එකතුවීමෙන් එහි ජලය අපවිත‍්‍ර වී ඇති බව වාර්තා වනවා. 

එහි නිරීක්ෂණ චාරිකාවක යෙදුණු නෙත් නිවුස් වාර්තාකරු සමන් විජේබණ්ඩාර පැවසුවේ ඔයේ ජලය මේ වනවිට දිස් වන්නේ කළු පැහැයෙන් බවයි. 

වැඩ බිමකින් ඉවතලන රසායනික ද්‍රව්‍යක් ඊට එක් වී ඇතැයි ප‍්‍රදේශවාසීන් පවසනවා. 

මෙලෙස අපවිත‍්‍ර වී ඇති කුඩා ඔය දස දහසකට අධික පිරිසකගේ පානීය ජල මූලාශ‍්‍රයයි. 

එය ජෛව විවිධත්වයෙන් ද අනූන වනවා.