Thursday, September 19, 2024

General line - 0115112241

මීතොටමුල්ල ප‍්‍රශ්නය අත්හැර ඇති බවට ආණ්ඩුවට චෝදනා




වත්මන් ආපදා තත්ත්වය හුවා දක්වමින් මීතොටමුල්ල කසල කන්දේ ප‍්‍රශ්නය අත්හැර දමා ඇති බවට ආණ්ඩුවට චෝදනා එල්ල වනවා. 

මීතොටමුල්ල කසල කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැදවුම්කරු නීතීඥ නුවන් බෝපගේ පෙන්වා දෙන්නේ මීතොටමුල්ල කසල කන්ද කඩා වැටීම ද ස්වභාවික ආපදාවක් ලෙස හුවා දැක්වීමට ආණ්ඩුව උත්සහ ගන්නා බවයි. 

මීතොටමුල්ලේ කසල කන්ද කඩා වැටීමෙන් පීඩාවට පත් වූවන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා වගකිව යුතු කිසිදු පාර්ශවයක් තවමත් ක‍්‍රියාකර නැතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

පවතින ගැටළු හදුනාගෙන ඒවාට විසදුම් ලබා දීමට දැන්වත් කඩිනම් වන ලෙස නීතීඥ නුවන් බෝපගේ වගකිව යුතු සියලූ පාර්ශවලවලින් නැවත ඉල්ලීමක් ද කර තිබෙනවා.