Thursday, September 19, 2024

General line - 0115112241

හුරුලූවැවේ දිය නැමට ගිය සෙබලෙකු මරුට (PHOTOS)




හුරුලූවැවේ දිය නැමට ගිය යුධ හමුදා සෙබලෙකු ඊයේ (01) දින පස්වරුවේදි දිය ගිලි මිය ගිය බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසනවා.
 
මෙසේ මිය ගොස් ඇත්තේ වැලිකන්ද සිංහපුර යුධ හමුදා කදවුරට අනුයුක්තව සේවය කල කේ.බි.එම්.මධුසංක (24) නැමැති හමුදා සෙබලෙකි. ඔහු  කුරුණැගල වැල්ලව පදිංචිකරුවෙකි.
 
මියගිය සෙබලා ඇතුලූ මිතුරන් හය දෙනෙකු මෙදින කැබිති ගොල්ලැවේ මිතුරෙකුගේ නිවසක පැවති මංගල සාදයකට සහභාගි විම සදහා යන අතරතුර ගලෙන්බිදුණුවැව පදිංචි තවත්  මිතුරෙකුගේ නිවසට ගොස් තිබුන බවත් එහිදි මිතුරන් දිය නැමට හුරුලූවැවට ගොස් ඇති බවත්  එහිදි මෙම හමුදා සෙබලා දියේ ගිලි මිය ගිය බවත් මේ පිලිබදව පරික්ෂණ පවත්වන පොලිසිය කියයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.