Thursday, September 19, 2024

General line - 0115112241

සෙට්ටිකුලමේ මාර්ගයක් අසල මළ සිරුරක් (PHOTOS)




වවුනියාව - සෙට්ටිකුලම ප‍්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. 

එය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ  අයෙකුගේ බවටයි පොලිසිය සැක කරන්නේ. 

මෙලෙස ඝාතනයට ලක්ව සිටින පුද්ගලයා සෙට්ටිකුලම ෂන්මුගපුරම් ප‍්‍රදේශයේ පදිංචිව සිටි හතලිස් හැවිරිදි අයෙකු බව ද හදුනාගෙන තිබෙනවා. 

ඔහු නිවසින් පිටව ගොස් ඇත්තේ  ඊයේ රාත‍්‍රීයේයි.