Thursday, September 19, 2024

General line - 0115112241

විනිසුරුවරියක් අධිකරණයේ සිට යද්දී හදිසියේ මියයයි




අභියාචනාධිකරණයේ විනිසුරුවරියක් ලෙස කටයුතු කළ එච් සී ජේ මඩවල මහත්මිය හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (02) අභාවප‍්‍රාප්ත වුණා. උදෑසන අධිකරණ කටයුතුවලට සහභාගී වී යළි නිවස බලා පිටත්වන අවස්ථාවේ විනිසුරුවරිය රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා. එහිදී ඇය ජිවිතක්ෂයට පත්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.