Tuesday, December 24, 2024

General line - 0115112241

ගං වතුර වැඩි වෙන්න හේතුව දකුණු අධිවේගී මාර්ගයයි




අධිවේගී මාර්ග ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතුවලදී මින් ඉදිරියට හෝ පරිසර අධ්‍යන අනුව කටයුතු කිරිම අත්‍යවශ්‍ය වන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. නිසි පරිසර අධ්‍යනයකින් තොරව ඉදිිකළ දක්ෂිණ අධිවේගී මාර්ගය ප‍්‍රදේශ රැසක ගංවතුර තර්ජනය ඉහළ යාමට හේතු වී ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

කොළඹ නගරයේ ගංවතුර පාලනය කිරීමට ජලය බැස යන මාර්ග අවහිර කරමින් ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරිමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. එහෙත් එම කටයුතුවලට විවිධ බාධා එල්ලවන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.