දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියු කාළගුණ විද්‍යාඥ නදීකා රණවීරගෙන්.
පැවති අයහපත් කාලගුණ තත්ත්වයෙන් අවැන් වූ පිරිස් තාවකාලික කඳවුරු 303 රැඳී සිටිනවා. පවුල් 15,616ක පුද්ගලයින් 58,685 ක් ඒවායේ රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.
තහවුරු කළ වාර්තාවලට අනූව මෙම ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 206 දෙනෙක්. පුද්ගලයින් අනූ දෙදෙනෙකු තවමත් අතුරුදන්වී සිටිනවා.