බොරැල්ල පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මේ මස 07වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
අකුණු සන්නායක සහ රන්භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියන් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබුණා. සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ අද දිනයේ ඔහු අධිකරණයට භාර වීමෙන් පසුවයි.