ආපදා හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමේ දිරිය නෙත් සමාජ සත්කාරය අද දිනයේත් මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක වුණා. ජනතාවගෙන් ලද පරිත්‍යාගයන් ආපදාවලට ලක්වූ ප්‍රදේශවල ජනතාව වෙත බෙදා දීම මේ යටතේ සිදු කෙරුණා.
මේ අතර, දිරිය නෙත් ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථාන වෙත ජනතාව අද දිනයේ ද සිය පරිත්‍යාගයන් ගෙනැවිත් භාර දුන්නා. පීඩාවට පත් ජනතාවට පරිත්‍යාග කිරිම සඳහා සම්පත් බැංකුව මගින් එක් රැස්කළ ආධාර තොගයක් අද දිරිය නෙත් සමාජ සත්කාරය වෙත භාර දීම සිදු කෙරුණේ නෙත් මැදිරි සංකීර්ණය පිහිටි බම්බලපිටිය ඕෂන් ගොඩනැගිල්ලේදීයි.
සම්පත් බැංකුවේ මානව සම්පත් අංශ ප්‍රධානි ලලිත් වේරගොඩ, නෙත් එෆ්.එම් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නිශාන්ත කේ. දහනායක සහ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී නුවන් ලියනගේ වෙත එම ආධාර භාර දුන් අවස්ථාවයි මේ.
දිරිය නෙත් කණ්ඩායම මාතර ප්‍රදේශයේ ආධාර බෙදාදුන් අවස්ථාවක්