කුකුළේ ගග ජලාශයේ වේල්ල අනතුරුදායක තත්ත්වයක පවතින බවට පළ වාර්තා සාවද්‍ය බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.
එම වේල්ල අනතුරුදායක තත්ත්වයක පවතින බවට ඊයේ රාති‍්‍රයේ පැතිර ගිය කටකතාවක් හේතුවෙන් එම වේල්ල පහල කොටසේ ජනතාව කලබලයට පත්ව සිටි බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
ඒ පිළිබද විදුලබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධනගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.
ඔහු කියා සිටියේ එවැනි අවදානමක් නොමැති බව ඉංජිනේරුවන් තහවුරු කර ඇති බවයි.
සාවද්‍ය මත වලට නොරැටෙන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.