කසළ ගොඩක තිබී මිය ගිය සුනඛයින්ගේ හිස් කබල් තොගයක් හමුවී තිබෙනවා.
ප්රදේශවාසීන් පවසන්නේ හිස් කබල් 2000ට වැඩි ප්රමාණයක් එහි තිබී හමුවූ බවයි.
අරලගන්විල ප්රදේශයේ දී මෙම සුනඛ හිස් කබල් තොගය සොයා ගැනීමත් සමග මේ පිටුපස සුනඛ මස් ජාවාරමක් තිබිය හැකි බවටයි ප්රදේශවාසීන් සැක පළ කරන්නේ.
මේ අතර, අරලගන්විල වැසියන් මාදුරු ඔය - පොළොන්නරුව ප්රධාන මාර්ගය ද හරස් කරමින් අද (05) උද්ඝෝෂණයක නිරත වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
දිඹුලාගල ප්රාදේශිය සභාව මෙම ප්රදේශයට කසළ බැහැර කරන බවද අදාළ සුනඛ හිස් කබල් තොගය ද ප්රාදේශීය සහාවේ ට්රැක්ටර්වලින් ගෙනවිත් බැහැර කර ඇතැයි සැක කරන බවද ඔවුන් එහිදී කියා සිටියා.