පොසොන් සමයේ දී අනුරාධපුර අටමස්තාන හා මිහින්තලය වන්දනා කිරීම සඳහා මේ වනවිටත් සැදැහැවතුන් එම පූජා භූමි වෙත පැමිණෙමින් සිටිනවා.
ඇතැම් සැදැහැවතුන් පැමිණෙමින් සිටින්නේ පාගමනින් වීම විශේෂත්වයක්.
එවැනි පිරිසක් එහි සිටින නෙත් නිවුස් කණ්ඩායමට ද හමුවුණා.
මේ අතර කසල දමා පරිසරය අපවිත්ර නොකරන්නැයි කුසල පතා අනුරාධපුරයට සහ මිහින්තලයට පැමිණෙන සියලූ දෙනාගෙන් ඉල්ලීමක් කෙරෙනවා.
විධිමත්ව කසල බැහැර කිරීම සඳහා මහජනතාව පොළඹවන ක්රියාකාරකමක් නෙත් එෆ් එම් රේඩියෝව ද මෙවර පොසොන් සමයේ දී අනුරාධපුරයේ සහ මිහින්තලයේ සිදු කිරීමට නියමිතයි.
නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් බලකාය ද, අනුරාධපුර පොලිසිය ද ඊට සහය වනවා.