Thursday, December 26, 2024

General line - 0115112241

පොසොන් වන්දනාවට ඇවිත් පුරාවස්තු වනසන්න එපා




පොසොන් සමයේ අනුරාධපුර පූජා භූමියට පැමිණෙන සැදැහැවතුන් පුරාවස්තුවල ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත්විය යුතු බව අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම් ආර් එම් වන්නිනායක පවසනවා. ඇතැම් පිරිස්වල ක‍්‍රියාකාරකම් හේතුවෙන් පුරාවස්තුන් පරිහානියට පත්වෙමින් ඇති බවය දිස්ත‍්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේ. 

මේ අතර අනුරාධපුර පූජා භූමියට පැමිණෙන ජනතාව පොලිතීන් ඇතුළු කසල ද්‍රව්‍ය බැහැර කිරීමේ දී ද වඩාත් සැලකිලිමත් වියයුතු බවයි දිස්ත‍්‍රික් ලේකම්වරයා කියා සිටියේ. කසල විධිමත්ව බැහැර කිරීමට ක‍්‍රමවේදයක් සකස් කර ඇති බවයි දිස්ත‍්‍රික් ලේකම්වරයා කියා සිටියේ. පරිසර හිතකාමීව කටයුතු කිරිමට ජනතාව තුළ පෙළඹවීමක් ඇති කිරීම සදහා වන කි‍්‍රයාකාරකමක් නෙත් එෆ් එම් රේඩියෝව මගින් සංවිධාන කිරීම ද වැදගත් කටයුත්තක් බව දිස්ත‍්‍රික් ලේකම්වරයා කියා සිටියා. 

මිහින්තලය සහ අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් හෙට ආරම්භ කෙරෙන මෙම ක‍්‍රියාකාරකම සඳහා නෙත් නිවුස් යු ආර් අ ලීඩර් බලකායන්ද සහභාගි වනවා.