පසුගිය දිනවල දිවයිනට බලපෑ ආපදා තත්වයෙන් පීඩාවට පත් පහළොස් දහසකට ආසන්න පිරිසක් තවදුරටත් සහන කඳවුරුවල රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ පසු ආපදා කළමනාකරණ කටයුතු අඛණ්ඩව සිදු කරමින් පවතින බවයි.
ප‍්‍රදේශ රැසකට තවදුටත් වැසි ලැබෙමින් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
මේ අතර ගිනිගත්හේන පේරගොල්ල ප‍්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක් ගිලා බැසීම හේතුවෙන් ඒ ආශ‍්‍රිත ප‍්‍රදේශයේ පදිංචි පවුල් 06ක් ඉවත් කෙරුණා. ගිනිගත්හේන ප‍්‍රාදේශීය ලේකම් ආර් ටී පී සුමනසේකර පැවසුවේ ඊයේ පස්වරු 05ට පමණ ආරම්භ වූ මෙම ගිලා බැසීම අද අලූයම වනවිට ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පැවති බවයි. පවතින තත්වය මත හැටන් - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කොටසක් ද ගිලා බැසීමේ අවදානමක් හටගෙන තිබෙනවා. ඒ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනාගමනය ද එක් මංතීරුවකට සීමා කර ඇති බවයි ප‍්‍රදේශීය ලේකම්වරයා සඳහන් කළේ.