Thursday, September 19, 2024

General line - 0115112241

උතුරු සභාවේ දූෂණ කමිටු වාර්තා විවාදයට දෙමළ සංධානය නිසා පමා වෙයි




උතුරු පළාත් සභා අමාත්‍යවරුන්ගේ වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කළ කමිටුවේ වාර්තාව පිළිබඳ එම පළාත් සභාවේ දී පැවැත්වීමට නියමිත විවාදය තවදුරටත් ප‍්‍රමාද වී තිබෙනවා. ඒ අදාල චෝදනා සම්බන්ධයෙන් දෙමළ ජාතික සංධානය ඒ අමාත්‍යවරුන් දෙදෙනාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටීමය.

උතුරු පළාත් සභා මන්ත‍්‍රී ජී ටී ලිංගනාදන්ගේ යෝජනාවක් අනුව එම පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන්ගේ එකඟත්වය මත පළාත් අමාත්‍යවරුන්ගේ දූෂණ චෝදනා විමර්ශනය කිරීම වෙනුවෙන් විශ‍්‍රාමික විනිසුරුවෙකුගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කෙරුණා. එම කමිටු වාර්තාව පසුගිය සතියේදී ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත භාරදෙනු ලැබුවා.