කොළඹ 07 කැප්පෙටිපොල මාවතේ විදුලි ට්රාන්ස්ෆෝමරයක හටගත් ගින්නක් කොළඹ මහනගර සභාවේ ගිනි නිවන ඒකකය මගින් මැඩපවත්වා තිබෙනවා.
පොලිසිය පැවසුවේ එම ට්රාන්ස්ෆෝමරය පිහිටා ඇත්තේ ජනාධිපතිවරයාගේ නිල නිවස ආසන්නයේ බවයි.
ගින්නට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැති බව ද පොලිසිය පැවසුවා.