Thursday, September 19, 2024

General line - 0115112241

මාළු බද්ද අඩු කෙරේ




ආනයනික තෙත් මාළු කිලෝග‍්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 25 න් අඩු කර තිබෙනවා.

ඒ අනුව ආනයනික තෙත් මුළු කිලෝග‍්‍රෑමයක මිල රුපියල් 75 සිට රුපියල් 50 දක්වා අඩු වන බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ.

පවතින ආපදා තත්තවය හේතුවෙන් මත්ස්‍ය නිෂ්පාදනය අඩුවීම සලකා දේශීය පාරිභෝගිකයින්ට සහනයක් ලෙසයි මෙලෙස මාළු සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අඩු කිරීමට පියවර ගෙන ගෙන ඇත්තේ. 

මේ අතර ආනයනික සීනි කිලෝග‍්‍රෑමයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 10 කින් වැඩි කිරීමට ද තීරණය කෙරුණා.

ඒ අනුව එහි බද්ද රුපියල් 13 නේ සිට 23 දක්වා වැඩි වනවා. ලෝක වෙළඳ පොලේ සීනි මිල සීඝ්‍රයෙන් අඩුවී ඇති බැවින් එහි වාසිය දේශීය සීනි කර්මාන්තකරුවන්ට සැලසීමට හැකි වන පරිදියි මෙම පියවර ගෙන ඇත්තේ.