Thursday, September 19, 2024

General line - 0115112241

මේ ආණ්ඩුවේ අවසන් කාලයයි - මීළඟ ජනපතිව රතන හිමි සූදානම් කරයි




වත්මන් ආණ්ඩුවෙන් අපේක්ෂිත ප‍්‍රථිඵල බලාපොරොත්තු විය නොහැකි බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ ශ‍්‍රී ලංකා ජාතික මහ සභාව විසින් අද (07) කැඳවනු ලැබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී රතන හිමියන් පැවසුවේ "අපි කරපු දේශපාලන පරිවර්තනයෙන් රට විනාශ වන්නේ නම් අපි ජීවත් වෙලා වැඩක් නැහැ. මේ රටේ ජනතාවට අපියි වගකියන්න ඕනේ. මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇත්තේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති නෙමෙයි." යනුවෙනි.

ශ‍්‍රී ලංකා ජාතික මහ සභාව විසින් ජාතික ප‍්‍රතිපත්ති කොමිසමක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වූ කෙටුම්පත ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

නව ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය, තවත් වසර 03 කින් පසු නව ජනාධිපතිවරයෙකු බිහි කිරීමේ සැලැස්ම බව ද උන්වහන්සේ කියා සිටියා. 

"අපෙන් දැන් අහනවා නේ.. කවුද ඉදිරියේ ජනාධිපතිවරයා වෙන්න කියලා. දැන් එහෙම අහන එක ටික ටික වැඩි වෙලා තියෙනවා. තව මේ ආණ්ඩුවට වැඩිම වුනොත් තියෙන්නේ අවුරුදු 03 යි. අවුරුදු 02ක් විතර යනකොට අපිට මැතිවරණය තියන්නත් පුළුවන්." යනුවෙන්ද පැවසුවා.

යෝජිත චීන - ශ‍්‍රී ලංකා ගිවිසුම සම්බන්ධයෙන් ද උන්වහන්සේ අදහස් පළ කළා. අදාළ ගිවිසුම ක‍්‍රියාත්මක කර වසර 05 කින් පසු සෙස් බද්ද ඉවත් කරන බවට වාර්තා පළ වී ඇතැයි ද මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ වුණා.

මෙවැනි බරපතල ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේදී රටේ ජනාධිපතිවරයා දැනුවත් විය යුතු බවත් එසේ නොකර කැබිනට් මණ්ඩලය කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධ වන බවද සඳහන් කෙරුණා.