Thursday, September 19, 2024

General line - 0115112241

"එක පවුලක පුතෙකුගේ ලේකම්වරයෙක් කෙසෙල් ගෙඩි සිද්ධියට අල්ලගත්තා - ඔහු බයට සියල්ල හෙළි කරනවා"




ගං‍වතුර සහනාධාර ලෙස අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ නම සඳහන් කර ජනතාව අතර බෙදා දුන් බව කියන කෙසෙල් ගෙඩි සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී අද (07) කථා බහට ලක් වුණා.

ඊට එක් වූ සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ අදාල සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් මේ වනවිට හඳුනාගෙන ඇති බවයි. 

එහිදී ඇමතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ "එක පවුලක පුතෙකුගේ ලේකම්වරයෙක් මේ වැඩේ සම්බන්ධයෙන් හඳුනාගෙන තිබෙනවා. පරිගණක විශාල ප්‍රමාණයක් යොදාගෙන 40 ක පමණ පිරිසක් එක මධ්‍යස්ථානයක ඉදලා මේ වගේ වැඩ කරනවා. මේ සිද්ධියත් සමග තවත් එවැනිම රජයට සහ ඇමතිවරුන්ට අසත්‍ය ප්‍රචාර කළ සිද්ධි රැසක සුළමුලත් හෙළිවෙලා තියෙනවා. එක දවසකට එක්කෙනා ගානේ අරගෙන මඩ ගහන්න කියලා තමයි අණ දීලා තියෙන්නේ. අල්ලගත්ත කෙනා බයට සියල්ල හෙළි කරලා තියෙනවා." යනුවෙනි.

චෝදනාවට ලක්ව සිටින අමාත්‍ය ගයන්ත කරුණාතිලක ද මෙහිදී අදහස් පල කළා. එහිදී ඔහු සඳහන් කළේ මේ වන විට මෙම සිද්ධිය ආරම්භ කළ ස්ථානය හොයාගෙන ඇති බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන දීර්ඝ වශයෙන් විමර්ශනය කරන බවද සඳහන් කළා.