Thursday, September 19, 2024

General line - 0115112241

සයිටම් කතාවක් පාර්ලිමේන්තුව උණුසුම් කරයි




මාලඹේ සයිටම් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අද (07) උණුසුම් වාද විවාද ඇති වුණා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රි දිනේෂ් ගුණවර්ධන පැවසුවේ මෙම ආයතනය නීති විරෝධී බවයි. 

උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊට ප‍්‍රතිචාර දැක්වූවා.

(එම හඬපටය පහතින් දැක්වෙයි)

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සඳහා සකස් කර ඇති ආචාර ධර්ම සංග‍්‍රහයේ යෝජිත අවසන් කෙටුම් පත ඉදිරියේ දී සම්මත කරන  බව කථානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කළා.

එමෙන්ම යෝජිත පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල අවසන් කෙටුම්පත විධිමත් ලෙස සම්මත කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.