Monday, May 20, 2024

General line - 0115112241

ඩිවිලියස් අද මුහුණ දුන් පළමු පන්දුවෙන් ඉතිහාසගත වෙයි




දකුණු අප‍්‍රිකානු නායක ඒ බී ඩිවිලියස් සිය එක්දින තරග ඉතිහාසයේ පළමු වරට තරගයක තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන්ම අද (07) දැවී ගියා.

ඒ පකිස්තානය සමග මේ වනවිට පැවැත්වෙන ICC ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේදීයි.

ඔහු මෙලෙස පළමු පන්දුවෙන්ම දැවී ගියේ තරග 220 කින් පසුව වීම විශේෂත්වයක්.

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ පාකිස්තානය සමග අද තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප‍්‍රිකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනූව පළමුව පන්දුවට පහර දෙන දකුණු අප‍්‍රිකාව පන්දුවාර 39 ක් අවසානයේ කඩුලු 06 ක් දැවී ලකුණු 153 ක් රැස්කරගෙන සිටිනවා.