Thursday, September 19, 2024

General line - 0115112241

පොසොන් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි




ශ්‍රී බුද්ධ වර්ෂ 236 ක්වූ ‍පොසොන්පුර පසළොස්වක ‍පොහොය දිනයේ ධර්මාශෝක මහ රජුගේ පුත් අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිස දඹදිව් තලයේ සිට මිහින්තලය පුදබිමේ පිහිටි මිස්සක පව්වට වැඩමකර දඩයමේ යමින් සිටි දේවානම්පියතිස්ස මහ රජතුමා ඇතුළු පිරිවර තිසරණ සහිත පංචශීලයේ පිහිටුවා දහම් දෙසා සම්බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කිරීම සිහිපත් කෙරෙන 2324 වෙනි අසිරිමත් ‍පොසොන් ‍පොහොය දිනය අදට (08) යෙදී තිබෙනවා. 

පෙසොන් පුර පසළොස්වක ‍පොහොය නිමිත්තෙන් අනුරාධපුර අටමස්ථානය මිහින්තලය, තන්තිරිමලය අවුකන හා විජිතපුර ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු වෙහෙර විහාරස්ථානයන්හි ද රට පුරා ද, දාන, ශීල, භාවනා වැඩසටහන්වලට මුල්තැන දෙමින් ‍පොසොන් ‍පොහොය සැමරීම සිදු කෙරෙනවා.