Thursday, September 19, 2024

General line - 0115112241

"අප සැමගේ ජීවිත පොහොසත් කරන සැබෑ හරයයි මේ"




බෞද්ධ දර්ශනයේ සැබෑ හරයන්ගෙන් සෑම දෙනාගේම ජීවිත පොහොසත් කර ගත යුතු බව අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පොසොන් පොහොය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

අන්‍ය ආගම් සහ සංස්කෘතීන්ට ගරු කරමින්, මනුෂ්‍යත්වයට ගරු කරමින්, සහජීවනයෙන් ජීවත් වීමේ පරමාදර්ශය යථාර්තයක් බවට පත් කිරීමේ වකකීම අප සැම හමුවේ පවතින බවද එහි සඳහන්.

ඒ වෙනුවෙන් අධිෂ්ඨාන සහගතව කැපවිය යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.