වව්නියාව පෞද්ගලික බස් සේවකයින් සහ ලංකා ගමනා ගමන මණ්ඩලයේ සේවකයින් අතර අද දහවල් ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. වව්නියාව පොලිසිය පැවසුවේ ධාවන කාල සටහන සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් ගැටුමට හේතු වී ඇති බවයි. තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා වව්නියාව රෝහලට ඇතුලත් කර තිබෙනවා. මීට පෙර අවස්ථා කිහිපයකදී ද දෙපාර්ශවය අතර ගැටුම් හට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු ස`දහන් කළේ.