ශ‍්‍රී ලංකාවට සුනාමි තත්ත්වයක් ඇති විය හැකි බවට පැතිරයන කටකතා සහ සමාජ මාධ්‍ය ජාලයන්හි පැතිරයන කතාව අසත්‍ය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි පැවසුවේ ඇතැම් පිරිස් පතුරුවන අසත්‍ය තොරතුරු පිළිබඳ ජනතාව කළබලයට පත් නොවිය යුතු බවයි.
දිවයින වටා පිහිටි සුනාමි අනතුරු ඇගවීමේ කුළුණුවල මේ දිනවල නඩත්තු කටයුතු සිදු කෙරෙන බවත් එය සුනාමියක් ඒන බවර ඇති තොරතුරු නිසා සිදු නොවන්නක් බවද ඔහු පැවසුවා. එම නඩත්තු කටයුතු සිදු කෙරෙන්නේ කුළුණුවල ක්‍රියාකාරීත්වය නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා බවත් ඔහු අවධාරණය කරනවා.