Saturday, July 27, 2024

General line - 0115112241

ඉදිරියේදී කාලගුණයේ වෙනසක්! නාය යාම් අනතුරු දිගු කෙරේ




දිවයිනේ නිරිත දිග ප‍්‍රදේශයේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ජූනි මස 10 වැනි දිනෙන් පසු තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බේන්වන මුහුදු ප‍්‍රදේශවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යාඥ බුද්ධික බන්දුරත්න සඳහන් කළේ. 

මේ අතර දිස්ත‍්‍රික් 07කට පනවා තිබූ නාය යාම් අනතුරු ඇගවීමේ නිවේදනය තවත් පැය 24කින් දීර්ඝ කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ රත්නපුර,කෑගල්ල, ගාල්ල, කළුතර, මාතර,හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවලට නාය යාම් අනතුරු ඇගවීම බලපැවැත්වෙන බවයි.