Saturday, July 27, 2024

General line - 0115112241

වාර්තා අලූත් කරමින් ශ‍්‍රී ලංකාව ශූරයන්ගේ තරගාවලියේදී ඉන්දියාව පරදවයි




අයි සී සී ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ඉන්දියාවට එරෙහිව ඊයේ වාර්තා කළ ජයග‍්‍රහණයත් සමග සිය වාර්තාවක් සම කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම  සමත් වුණා. 

එක්දින තරගයකදී ලකුණු හඹා ගොස් ශ‍්‍රී ලංකාව අත්කරගෙන තිබූ ඉහළම ජයග‍්‍රහණය වූයේ එංගලන්තයට එරෙහිව ලකුණු 322ක ඉලක්කයක් හඹා ගොස් ජය ගැනීමයි. 

ඒ 2006 වසරේදීයි. ඊයේ පැවති තරගයේදී මෙම වාර්තාව යළි සම කිරීමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 

ඊයේ තරගයේදී ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලූ 06ක් දැවී ලකුණු 321ක් රැස් කළා. 

ඒ අනූව ලකුණු 322ක ඉලක්කයක් හඹා ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජය වාර්තා කළේ 49 වන පන්දු වාරයේ 04වන පන්දුවේදීයි. 

කුසල් මෙන්ඩිස් පන්දු 93කදී ලකුණු 89ක් රැස් කළා. 

දනුෂ්ක ගුණතිලක ලකුණු 76ක් රැුස් කළ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 52ක් රැුස් කළා. 

කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා ලෙස සම්මානය හිමි කර ගත්තා.