Saturday, July 27, 2024

General line - 0115112241

නාවලපිටියේ තේ කම්හලක් ගින්නෙන් අළු වූ හැටි (VIDEO/PHOTOS)




නාවලපිටිය ගොරකඔය ප‍්‍රදේශයේ පිහිටි තේ කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා. 

අද අලූයම 1.00ට පමණ හටගත් ගින්න මහනුවර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, නාවලපිටිය පොලිසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව පාලනය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ගින්නෙන් තේ කර්මාන්ත ශාලාවට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා. 

ඊයේ දිනයේ තේ කර්මාන්ත ශාලාවේ සේවකයින්ට නිවාඩු ලබා දී ඇති බැවින් ගින්න හට ගත් අවස්ථාවේ එහි කිසිවෙකුත් රැඳී සිට නොමැති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.