Saturday, July 27, 2024

General line - 0115112241

විටින් විට සිදු කරන බදු සංශෝධන නිසා ආර්ථික අර්බුදය උග‍්‍ර විය හැකි බව බන්දුල කියයි




ප‍්‍රථිපත්තියකින් තොරව විටින් විට බදු සංශෝධනය කිරීමෙන් පවතින ආර්ථික අර්බුදය තවදුරටත් උග‍්‍ර විය හැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. 

සීනි ආනයනය කිරීමේදී පනවා තිබූ විශේෂ වෙළද භාණ්ඩ බද්ද රුපියල් 10 කින් ඉහළ දැමීමට රජය ඉකුත් අගහරුවාදා තීරණය කළා. 

මේ හේතුවෙන් දේශීය වෙළද පොලේ සීනි මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බවයි තොග වෙළදුන් ප‍්‍රකාශ කළේ. 

ඊට සමගාමීව තේ කෝප්පයක මිළ ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක මිල යම් මට්ටමකින් ඉහළ දැමීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පැවසුවා. 

එම තත්ත්වය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමක දී පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. 

කිරිපිටි බද්ද ගැන කතා කළොත් දේශීය කිරි ගොවියව නැති කරමින්  කිරිපිටි බද්ද අසාමාන්‍ය ලෙස දැන් අඩුකර තිබෙනවා. දේශිය කිරි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම විනාශ වී යන ආකාරයට මේ බහු ජාතික සමාගම වලට ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නතු කර දීම තමයි මේ වෙන්නේ...