Friday, September 20, 2024

General line - 0115112241

මහියංගනයේ ඇලකට වැටුණු 07 හැවිරිදි දරුවාගේ සිරුර සොයා ගැනේ - ගැහැණු දරුවා සොයා තවදුරටත් මෙහෙයුම්




මහියංගනය බදුල්ල ප‍්‍රධාන මාර්ගයේ 17 කණුව හන්දිය ප‍්‍රදේශයේදී ත‍්‍රී රෝද රථයක් ඇළකට පෙරලී යාමෙන් අතුරුදන්වූ වයස අවුරුදු 02ක් වන දැරිය සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කෙරෙනවා. 

ත‍්‍රී රෝද රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් ත‍්‍රී රෝද රථයක් ඇළට පෙරලී ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා. 

එම අවස්ථාවේ ඇලට පෙරළුණු ත‍්‍රී රෝද රථයේ පුද්ගලයින් හය දෙනෙකු සිට ඇති බවයි පොලිසිය පැවසුවේ. 

ඒ අතරින් තුවාල ලැබූ එක් කාන්තාවක් මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා. 

ඇළ මාර්ගයට වැටුණු 07 හැවිරිදි පිරිමි දරුවෙකු සහ වයස අවුරුදු 02ක් වන දැරියක් ජල පහරට හසුව ගසා ගෙන ගොස් අතුරුදන්ව සිටියා. 
ඒ අතරින් 07 හැවිරිදි පිරිමි දරුවාගේ මළ සිරුර අනතුර සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් 05ක පමණ දුරින් පිහිටි දියබානා වැට ගසාගෙන ගොස් තිබියදී සොයා ගැණුනු බව මහියංගන පොලිසිය පැවසුවා. 

අතුරුදන්ව සිටින අනෙක් දැරිය සොයා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් මෙහෙයුම් සිදු කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.