Friday, September 20, 2024

General line - 0115112241

"ප්ලාස්ටික් සහල් ලංකාවේ නෑ - පිටරට සහල් ඔහොම තමයි - ඒව කෑවම හැපෙන්නේ වෙනස් විදියකට" සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කථා කරයි 




ප්ලාස්ටික් සහල් මෙරට ගෙන්වා ඇති බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පවසනවා. 

නෙත් නිවුස් කළ කරුණු විමසුමක දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳ අදහස් පල කළේ මෙලෙසයි. 

මම දන්න විදියට ඔය සතොසින් ගෙනාපු සහල් වල ප්ලාස්ටික් සහල් නම් තිබ්බේ නෑ... නමුත් ඒ සහල් පිටරටින් ගෙනාපුවා. ඒව ලංකාවේ සහල් වලට වඩා පොඩ්ඩක් වෙනස්. අපි පොඩි කාලේ කාල තියෙනවා වියට්නාමෙන් ගෙනාපු සහල්. ඒවා අපේ සහල් වගේ නෙමෙයි ටිකක් වෙනස්.  ඒව කෑවම හැපෙන්නේ වෙනස් විදියකටයි. එහෙම නැතුව මේව ප්ලාස්ටික් නෙමෙයි. කවුරු හරි ප්ලාස්ටික් සහල් තියෙන තැනක් පෙන්නුවොත් අපි නීතිය ක්‍රියාත්මක කරන්න සූදානම්!
 
මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය මීට පෙර ප‍්‍රකාශ කළේ ප්ලාස්ටික් සහල් පිළිබඳ රට තුළ ආන්දෝලනයක් පවතින බැවින් ආහාර පිළිබඳ නිසි බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ස්ථාවරය වහා හෙළි කළ යුතු බවයි.