Friday, September 20, 2024

General line - 0115112241

සයිටම් ගැටළුව විසදන්න බෑ - රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි




නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමෙන් සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු විසදිය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය යළි අවධාරණය කරනවා. 

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ රෝගීන්ට සාධාරණයක් වන විසදුමකට රජය අවතීර්ණ විය යුතු බවයි. 

නෙවිල් ප‍්‍රණාන්දු රෝහල රජයට පවරා ගැනීමට ළඟදීම කටයුතු කරන බවට රජය කර ඇති ප‍්‍රකාශවලට ප‍්‍රතිචාර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා මේ බව කියා සිටියා. 

එම රෝහල රජයට පවරා ගන්නවාද නැද්ද යන්න රජය සතු කාර්යයක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.