Friday, September 20, 2024

General line - 0115112241

විදේශ සේවයට බඳවා ගැනීමේ විභාගය ට දින නියම කෙරෙයි




ශ‍්‍රී ලංකා විදේශ සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය සම්බන්ධයෙන් කිිසියම් ගැටලූවක් වෙතොත් ඒ පිිළිබඳ දැනුම් දිම සඳහා දුරකථන අංක 03ක්  හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව. 0112 78 52 30, 0112 17 70 75 සහ 1911 යන දුරකතන අංක මගින් තොරතුරු ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.

මෙම විභාගය සඳහා සුදුසුකම් ලබා ඇති අයදුම්කරුවන් සංඛ්‍යාව 3789ක්. විභාගය ජූනි මස 18, 24 හා 25 යන දිනයන්හි කොළඹ පිහිටි මධ්‍යස්ථාන 25කදී පැවැත්වීමට නියමිතයි. විභාගයේ සියලූ ප‍්‍රවේශ පත‍්‍ර මේ වනවිට තැපැල් කර අවසන් කර ඇති  බවත් ඒ පිළිබ`දව ද යම් ගැටලූවක් ඇතොත් ඉහත දුරකතන අංකවලට ඇමතිය හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ.