Friday, September 20, 2024

General line - 0115112241

දන්සලක පිහි ඇනුමක්




ගල්කිරියාගම ඇල්ලේවැව ප‍්‍රදේශයේ පැවති පොසොන් දන්සලකදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. පිහි ඇණුමට ලක්ව ඇති පුද්ගලයා පනස් දෙහැවිරිදි වියේ පසුවන අයෙක්.

ඔහු ප‍්‍රතිකාර සඳහා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. පිහි ඇනුම සිදු කළ පුද්ගලයා ගල්කිරියාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.