Friday, September 20, 2024

General line - 0115112241

හිටපු ඇමතිට නඩු




හිටපු අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කළා. ඒ, 2011 - 2012 අතර කාලයේදී සිවිල් හා ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිදු කළ බව කියන වංචාකාරී පත්කිරීමක් සම්බන්ධයෙන්. නිතිවිරෝධී ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරී පනතට පටහැනිව සංවර්දන සැළසුම් සම්බන්ධීකරණ නම් තනතුරක් ඇති කර ඔහුගේ පෞද්ගලික ලේකම්වරයා ඊට පත් කර ආණ්ඩුවට පාඩුවක් සිදු කළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

හිටපු අමාත්‍යවරයාට අමතරව ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එරෙහිව ද අල්ලස් කොමිසම විසින් අද නඩු පවරනු ලැබුවා.