Friday, September 20, 2024

General line - 0115112241

ඇමති ජෝන්ගේ බැනිල්ලට එරෙහිව කඳවුරු බැඳෙයි




වත්තල බෝපිටිය ප‍්‍රදේශයට කසළ බැහැර කිරීම සම්බන්ධයෙන් කඳාන ප‍්‍රදේශයේ පැවති සාකච්ඡාවක් අවසානයේ අමාත්‍ය ජෝන් අමරතුංග විසින් මාධ්‍යවේදින්ට පරුෂ වචනයෙන් බැන වැදීම පිළිබඳ පාර්ශව රැසක් සිය විරෝධයට පළ කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙවැනි හැසීරීම් මහජන නියෝජිතයෙකුට නොගැලපෙන බවයි බොහෝ පාර්ශව පවසන්නේ. මේ, පුරවැසි සංවිධාන එකමුතුව අද කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එහි සාමාජික චමීර පෙරේරා පවසන්නේ මෙය හුදකලා ක්‍රියාවක් නොවන බවය. මෙය ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රතිපත්තිය බවය. 

 අදාල සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය සරත් ෆොන්සේකා ද අදහස් පළ කලා. ඔහු පවසන්නේ අහපු ප්‍රශ්නය මාධ්‍ය සදාචාරයට අදාලනම් එහි වරදක් නොමැති බවය ඇමතිකෙනෙක් මාධ්‍ය සමග තරහක් වෛරයක් ඇතිකරගතයුතු නොමැති බවය.

නිවේදනයක් නිකුත් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග පැවසුවේ යහපාලනය උල්ලංගණය කරන මෙවැනි ඇමතිවරුන්ට එරෙහිව වහා පියවර ගත යුතු බවයි. වත්මන් පාලකයින් මාධ්‍යයට තර්ජනය එල්ල කළ පළමු අවස්ථාව මෙය නොවන බවද ඔහු කියා සිටියා.