Friday, September 20, 2024

General line - 0115112241

මහ බැංකුවට වැඩබලන අධිපතිවරයෙක්




මහ බැංකු අධිපති ධුරය සඳහා රාජ්‍ය නිලධාරියෙකු පත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. දේශපාලන ආරංචි මාර්ග කියා සිටියේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන් අතර ඊයේ (29) පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බවයි.

මෙම සාකච්ඡාවට අමාත්‍යවරුන් වන මලික් සමරවික‍්‍රම සහ දැනට විදේශ ගතව සිටින රවි කරුණානායක මහතාද දුරකතනය ඔස්සේ සම්බන්ධ වී තිබෙනවා.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් කරන තෙක් මහ බැංකු අධිපති ධුරය සඳහා එලෙස රාජ්‍ය නිලධාරියෙකු පත් කිරීමටයි මෙහිදී අවධානය යොමු වී තිබෙන්නේ. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා දිවයිනට පැමිණීමෙන් පසු මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇති.

මේ අතර මහ බැංකු අධිපති ධුරය සඳහා එලෙස පත් කෙරෙන රාජ්‍ය නිලධාරියා සම්බන්ධයෙන්ද ඇතැම් මාධ්‍ය අද (30) තොරතුරු වාර්තා කර තිබෙනවා. මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන නන්දලාල් වීරසිංහ මහතා මෙලෙස වැඩබලන අධිපතිවරයා ලෙස පත් කෙරෙනු ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.