Thursday, May 2, 2024

General line - 0115112241

මංතීරු නීතියෙන් 1190 ක් කොටු - පොලිසියේ මීළඟ සැළසුමත් හෙළි කරයි




අද (12) උදෑසන සිට පස්වරුව දක්වා කොළඹ නගරය තුළ සහ ඒ අවට ප‍්‍රධාන මාර්ගවල මංතීරු නීතිය උල්ලංඝණය කරමින් රිය ධාවනය කළ රියදුරන් 1190 දෙනෙකුට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ මෙම සියලු රියදුරන් සඳහා දඩ පත‍්‍රිකා නිකුත් කළ බවයි.

එමෙන්ම සති අන්තයේ පැවැත්වෙන රථ වාහන උපදෙස් පන්ති සඳහා කැඳවීමට ද නියෝග කෙරුණා.

මංතීරු නීතිය ඉදිරි දිනවලදී ද ක‍්‍රියාත්මක කෙරෙන අතර කොළඹ නගරය තුළ රථ වාහන ධාවනය කළමනකරණය කිරීමට ද පොලිසිය බලාපොරොත්තු වන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ. 

අද පෙරවරුවේ කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රධාන මාර්ගවල රථ වාහන තදබදයක් පැවතුණා.

මංතීරු නීතිය ක‍්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මගීන් සහ රියදුරන් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ මාර්ගයේ ඇතැම් ස්ථානවල වාහන දෙකකටවත් මාරු වීමට නොහැකි තත්ත්වයක් තුළ මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම රියදුරන් පීඩාවට පත් කරන්නක් බවයි. මාර්ග නියමිත පරිදි වැඩි දියුණු කර මෙවැනි නීති ගෙන ඒම වඩාත් යෝග්‍ය බවද තවත් සමහරු අදහස් දක්වමින් සඳහන් කළා.