Friday, September 20, 2024

General line - 0115112241

යුද්ධයේ අවසාන සමයේදී හමුදාවට බාර වූ පිරිසක් නිදහස් කිරීමට ජනාධිපති එකඟ වෙලා ලු




යුද්ධයේ අවසාන සමයේදී හමුදාවට බාර වූ පිරිසක් නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වී ඇති බව 'ද හින්දු' වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.

මේ අනුව ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධයේ අවසාන සමයේදී හමුදාවට බාර වූ පුද්ගලයන්ගේ ලැයිස්තුවක් ඉදිරිපත් වී ඇති අතර ඔවුන් නිදහස් කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන්ට පොරොන්දු වී ඇති බවයි එම වෙබ් අඩවියට ලිපියක් සපයමින් වාර්තා කර ඇත්තේ.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් කරන ලද විරෝධතාවට දින 112ක් පිරෙන අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පොරොන්දු වී ඇති බවද ද හින්දු වාර්තා කරනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමක් සහ විරෝධතාකරුවන්ගේ නියෝජිතයන් අට දෙනකු අතර  විශේෂ සාකච්ඡාවක් පැවැති බවද  මෙම සාකච්ඡාව විනාඩි 40කට ආසන්න කාලයක් පැවැති බව ද 'ද හින්දු' වැඩි දුරටත් වාර්තා කර තිබෙනවා.

මේ අතර යුධ සමයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ජාවක් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ඊයේ (12) පැවැත්වුණා. 

ජනාධිපතිවරයා යාපනය ප්‍රදේශයේ සිදු කළ සංචාරය අතරතුර මෙම සාකච්ඡාව පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

එහිදී අතුරුදන්වූවන්ගේ ඥාතීන් ජනාධිපතිවරයා වෙත ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළා.

සිය ඥාතීන්ගේ තොරතුරු ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් ජනාධිපතිවරයා වෙත සංදේශයක් ද භාරදුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.

ජනාධිපතිවරයා එම සංදේශය භාර ගැනීමෙන් අනතුරුව අදාළ ගැටළු සම්බන්ධයෙන් ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ සාකච්ජා කර විසදුමක් ලබාදෙන බවට එහිදී පොරොන්දු  වී තිබුණා.

(ද හින්දු වෙබ් අඩවිය වාර්තා කළ ලිපිය පහතින් දැක්වෙයි)